චීනයේ 15 වන ජාතික ක්‍රීඩා උළෙලේ විශිෂ්ට සමාරම්භක උත්සවය අද (9) ගුවාංදොං ඔලිම්පික් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.
ඒ, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම අවස්ථාවට චීන ජනාධිපතිවරයාගේ ආර්යා පෙං ලීයුවාන් මහත්මිය, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිනි Kirsty Coventry මහත්මිය සහ එහි ගෞරවනීය සභාපති Thomas Bach මහතා ඇතුළු විශිෂ්ට අමුත්තන් රැසක් සහභාගී වූහ.
චීන ජාතික ක්‍රීඩා උළෙල වසර හතරකට වරක් පැවැත්වෙන, එරට ප්‍රධානතම ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙල වන අතර මෙවර එය 15 වන වරට පැවැත්වේ.
මෙවර උළෙල සඳහා චීනයේ විවිධ පළාත්වල සිට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14,000ක් සහභාගී වී සිටිති.
චීන සංස්කෘතිය, ඉතිහාසය සහ නවීන තාක්ෂණය එකට සම්බන්ධ කරමින් සැලසුම් කර තිබූ මෙම සමාරම්භක උත්සවය නැටුම්, ගැයුම්, ආලෝක සහ වීඩියෝ විචිත්‍ර සමග අතිවිශිෂ්ට අයුරින් වර්ණවත් විය.
උත්සවය ආරම්භ වීමට පෙර ජනාධිපති ෂී ජින්පිං මහතා, Kirsty Coventry මහත්මිය සහ Thomas Bach මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වුණි.
එම අවස්ථාවේදී 2026 සිට 2032 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත සියලු ඔලිම්පික් ක්‍රීඩා තරඟ විකාශන සඳහා දිගුකාලීන ප්‍රකාශන හිමිකම් ගිවිසුමකට චීන මාධ්‍ය සමූහය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර අත්සන් තැබීමද සිදු විය.
චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ IOC සභාපතිනි Kirsty Coventry මහත්මිය එම ගිවිසුමට අත්සන් තැබූ අතර, 2026 Milano–Cortina ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා වන චීන මාධ්‍ය සමූහයේ නිල ලාංඡනයද එළිදක්වනු ලැබීය.
චීන ජාතික ක්‍රීඩා උළෙලේ විචිත්‍රවත් සමාරම්භය

