2025 නොවැම්බර් මස අවසානය වනවිට චීනයේ විදේශ විනිමය සංචිතය අ.ඩො. ට්‍රිලියන 3 ඉක්මවා ඇති බව සවන්දේ.
චීන විදේශ විනිමය පරිපාලනය නිකුත් කළ නවතම දත්ත අනුව, සංචිතයේ එකතුව අ.ඩො. ට්‍රිලියන 3.3464ක් ලෙස සටහන් වී ඇත.
ඔක්තෝබර් මසට සාපේක්ෂව මෙය අ.ඩො. බිලියන 3ක වැඩිවීමක් වන අතර ඒ වර්ධන ප්‍රතිශතය 0.09% ක් ලෙස සටහන් වේ.
විදේශ විනිමය සංචිතයේ මෙම වර්ධනයට විනිමය අනුපාත පරිවර්තනය, එකතුවේ අඩංගු වත්කම් මිල වෙනස්වීම වැනි සාධක බලපා ඇති බව චීන අධිකාරිය පවසයි.
ආර්ථිකය සමස්තයෙන්ම ස්ථාවර සහ ප්රගතිශීලී ප්රවණතාවයක පවතින බැවින්, විදේශ විනිමය සංචිතයේ ස්ථාවරත්වයට ද එමගින් දිරිගැන්වීමක් ලැබී ඇත.
චීනයේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවෙයි

