Thursday, November 13, 2025
Homeදේශීයඡන්දය නොතියා ආණ්ඩුකාරවරුන් මගින් පළාත් සභා ගෙන යාම නීති විරෝධියි – හිටපු...

ඡන්දය නොතියා ආණ්ඩුකාරවරුන් මගින් පළාත් සභා ගෙන යාම නීති විරෝධියි – හිටපු මැ.කො.ස මහින්ද දේශප්‍රිය

පළාත් සභා ඡන්දය නොපවත්වා ආණ්ඩුකාරවරුන් මගින් පාලනය ගෙන යෑම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් හෝ අවශ්‍ය බවද පෙරේදා (05දා) පැවති මැතිවරණ කොමිසමේ විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා කීය.

පළාත් සභා ඡන්දය නොතියා ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පළාත් සභා ක්‍රියාත්මක කිරීම නීතිවිරෝධියි. ශ්‍රේෂ්ඨාධිකරණය ද මේ බව තහවුරු කර තිබෙනවා. මොන ආණ්ඩුවකින් හරි ඡන්ද කල් තැබීම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධියි. පළාත් සභා එපා නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කර 13 වැනි සංශෝධනය අවලංගු කළ යුතුයි.

මුදල් වෙන් කළ පමණින් පළාත් සභා ඡන්දය තියන්න බැහැ. ඡන්දය හිරවී තිබේ නම් එය ලිහා ගැනීමට ක්‍රියාකළ යුත්තේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුව තීරණය කළ යුතුයි මොන ක්‍රමයට ද ඡන්දය පවත්වන්නේ කියලා. පරණ ක්‍රමයට තියනවා නම් ලබන වසරේ මුල පුළුවන්. ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියා තිබුණා වසරක් ඇතුළත ඡන්දය තියන බවට. දැන් මේක සම්පූර්ණ අවුල් ජාලයක් වෙලා. විසඳුම පාර්ලිමේන්තුව හරහා පමණයි යැයි ද මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය

RELATED ARTICLES

Most Popular

Recent Comments