අද (10) අරලියගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව රියදුරු 199ක් සහ කොන්දොස්තර 342ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී ලංගම සේවාව ශක්තිමත් කරමින් ජනතාවට සුවපහසු, කාර්යක්ෂම සහ අඛණ්ඩ ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහා රජය ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම නව ප්‍රමිතියෙන් යුතු බස් රථ ධාවනයට එක් කිරීම සහ පැරණි බස් රථ ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
ජනතාවට සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

