Wednesday, March 4, 2026
Homeදේශීයජනපති අනුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූති කරයි

ජනපති අනුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූති කරයි

ගංවතුර හා අධික වර්ෂාවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකා ජනතාවට කඩිනම් මානුෂීය ආධාර ලබා දීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තුතිය පළ කළේය.

ඊයේ (19) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා සමඟ පැවති දුරකථන සංවාදයකදී, මෙම අර්බුදකාලීන අවස්ථාවේ ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටිමින් ලබාදෙන සහාය සම්බන්ධයෙන් කෘතඥතාව පළ කර ඇත.

ගංවතුරෙන් සිදු වූ හානි තක්සේරු කිරීම සඳහා කණ්ඩායමක් මෙරටට එවීමටත්, ඉදිරියටත් අවශ්‍ය සහාය ලබාදීමටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සූදානම් බව එහිදී සඳහන් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments