Thursday, February 12, 2026
Homeදේශපාලනජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සර්ව පාක්ෂික හමුවක්

ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සර්ව පාක්ෂික හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (26) පැවැත්වේ. ඒ, පස්වරු 4.00 ට ජනාධිපති කාර්යාලයේදීයි.

කතානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂ නායකවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ට, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට මේ සඳහා සහභාගි වන ලෙස ආරාධනා කර ඇත.

සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා සඳහන් කළේ, තම පක්ෂය මේ සඳහා සහභාගී වන බවයි.

සිය පක්ෂය මේ සඳහා සහභාගි වන්නේ දැයි තමන් නොදන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments