මාලදිවයිනේ සිටින ශ්‍රි ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනතෙක් සිය ඉල්ලා අස්වීමේ ලිපිය එවා නොමැති බවත් ඊයේ සිංගප්පූරුවට යාමට සූදානම් වුවද අවසාන මොහොතේ ආරක්ෂක හේතූන් මත යාමට නියමිතව තිබූ ගුවන් යානයට ගොඩ වී නොමැති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු අද දින සිංගප්පූරුවට යාම සඳහා පෞද්ගලික ජෙට් යානයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර එම ජෙට් යානය පැමිණි පසුව ඔහු සිංගප්පූරුව බලා පිටත් වනු ඇතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේය.
ඊයේ සවස මාලදිවයිනේ වෙලෙනා ජාත්‍යන්තර ගුවන් තොටුපළට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර ආරංචි මාර්ග සඳහන් කළේ ඊයේ රාත්‍රි 11. 25 ට එම ගුවන් තොටුපලේ සිට සිංගපූරුව චැන්ගි ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා පිටත් විමට නියමිතව තිූ SQ 437 දරණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයේ රාජපක්ෂ ජනාධිපතිවරයා බිරිඳ සහ ආරක්ෂකයන් ගමන් කිරීමට සැලසුම් කර තිබුණ ද අවසන් මොහොතේ ආරක්ෂක හේතූන් මත එම ගුවන් යානයේ ගමන් නොගත් බවයි.
සිංගප්පුරුවට යාමට සැලසුම් කර ඇති ජනාධිපතිවරයා පසුව මැදපෙරදිග රාජ්‍යයක් බලා පිටත්වීමේ සූදසානමක් ඇති බවටද මෙම තොරතුරු තවදුරටත් සඳහන් කරයි.