ජපානයේ උතුරු වෙරළට අද (09) ප්‍රබල භූමිකම්පාවක් හටගෙන ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම කම්පනයෙන් ඉවතේ ප්‍රාන්තය පුරා ගොඩනැගිලි සෙලවී ගිය බවයි.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරන්නේ, එරට වේලාවෙන් සවස 5:03ට රික්ටර් මාපකයේ 6.7 ක් වන භූමිකම්පාවක් ඇති වූ අතර, අපිකේන්ද්‍රය පැසිෆික් සාගරයේ සැන්රිකු අසල කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බවයි.
එමෙන්ම, ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් මීටර් 1ක් දක්වා උසට ළඟා විය හැකි සුනාමි තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ජපානයටත් ප්‍රබල භූ කම්පනයක්

