ජපානයේ ටොයෝසු මත්ස්‍ය වෙළෙඳපොළේ වාර්ෂික අලුත් අවුරුදු වෙන්දේසියේදී ‘බ්ලූෆින් ටූනා’ මත්ස්‍යයෙකු යෙන් මිලියන 510ක (අ.ඩො. මිලියන 3.2) වාර්තාගත මිලකට අලෙවි වී ඇත.
මෙම වටිනාකම ශ්‍රී ලංකා රුපියලින් කෝටි 100කට ආසන්න (රු. 993 මිලියනට ආසන්න) මුදලකි.
ඕමා වෙරළට ඔබ්බෙන් අල්ලා ගත් මෙම යෝධ ටූනා මත්ස්‍යයාට කිලෝග්‍රෑම් 243ක බර තිබේ.
මෙම මිලදී ගැනීම කියොමුරා සමාගම විසින් සිදු කර ඇති අතර, මෙය ටොයෝසු වෙළෙඳපොළේ මෙතෙක් ලද ඉහළම මිල ලෙසත් වාර්තා වේ.
2019 වසරේදී ලැබූ පූර්ව වාර්තාව යෙන් මිලියන 333.6 වූ අතර ඒවරද කියොමුරා සමාගම විසින්ම මිලදීගෙන තිබුණි.

