Friday, January 23, 2026
Homeදේශපාලනජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළට..

ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළට..

ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ , බොහෝ ප්‍රදේශවලට වර්ෂාව පැවැතිය ද ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බවයි.

වියළි කාලගුණයත් සමග පසුගිය දිනවල ජල විදුලිය නිෂ්පාදනය 11% ත් 12% ත් අතර ප්‍රතිශතයක පැවතියේ ය.

මේ අතර, සමනල වැව ජලාශයේ ජල කාන්දුවීම් වසා දැමීම සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුකරමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේ ය.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඒ පිළිබඳව පර්යේෂණ කරමින් පවතින බවයි.

සමනළ වැව ජලාශයේ ජලය කාන්දු වන ස්ථාන 6ක් මේ වනවිට හඳුනා ගෙන තිබේ.

(News 1st)

RELATED ARTICLES

Most Popular

Recent Comments