පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල වාන් දැමීම දැනටමත් ආරම්භ වී ඇති බව මහවැලි අධිකාරිය පවසයි.
මේ හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින්, ඒ අවට පහත් බිම්වල පදිංචි ජනතාවට අවධානයෙන් සිටින ලෙස මහවැලි අධිකාරිය දැනුම් දී ඇත.
එමෙන්ම කලා වැව ද්‍රෝණියට අයත් කලා වැව සහ කණ්ඩලම ජලාශද මේ වනවිට වාන් දමමින් පවතින අතර, බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද සහ කළුගඟ ජලාශවල ජල මට්ටම්ද උපරිම සීමාවට ළඟා වී ඇති බව වාර්තා වේ.
අමතරව, මාදුරු ඔය ජලාශයද උපරිම ජල මට්ටමේ පවතින බැවින් ඉදිරියේදී එයද වාන් දැමීමට සිදුවිය හැකි බව මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට – පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්

