Saturday, January 24, 2026
Homeදේශපාලනජවිපෙ ප්‍රා ස මන්ත්‍රීවරුන්ට දෙන්න ගිය ඇඳුම් නිසා උණුසුම් තත්ත්වයක් 

ජවිපෙ ප්‍රා ස මන්ත්‍රීවරුන්ට දෙන්න ගිය ඇඳුම් නිසා උණුසුම් තත්ත්වයක් 

මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට සහ මන්ත්‍රීවරියකට අලුත් ඇඳුම් ලබාදීමේ සිද්ධියක් හේතුවෙන් කළුතර ප්‍රාදේශීය සභාවේ අද (14) උණුසුම් තත්ත්වයක් වාර්තා විය. 

කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනෝජ් ද සිල්වා මන්ත්‍රීවරයා අද පැවතී මාසික සභා රැස්වීම අතරතුර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනා වෙත එම අලුත් ඇඳුම් ලබාදීමට උත්සාහ ගෙන තිබුණි.

එහිදී ඔහු සඳහන් කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් නිතරම ජනතාවට කන්න නැහැ.. අඳින්න නැහැ යනුවෙන් පවසන බැවින් මෙම ඇඳුම් රැගෙන ආ බවය.

ඒ නිසා ළඟ එන අලුත් අවුරුද්ද නිමිත්තෙන් මෙම අලුත් ඇඳුම් කට්ටල තුනක් රැගෙන ආ බවත් ඔහු පැවසීය.

කෙසේවෙතත් ජවිපෙ මන්ත්‍රීවරුන් දෙදෙනා සහ මන්ත්‍රීවරිය දැඩි පිළිකුලෙන් යුතුව එය ප්‍රතික්ෂේප කර තිබුණි.

පසුව සිද්ධියට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනා සහ මන්ත්‍රීවරිය සභාවෙන් පිටවී තිබුණි. 

RELATED ARTICLES

Most Popular

Recent Comments