Wednesday, March 11, 2026
Homeදේශපාලනජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට.

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (23) නියෝග කර ඇත.

ඒ, එම සැකකරුවන්ට එරෙහිව පැවැති නඩුව අද දින කැඳවූ අවස්ථාවේදීය. ඒ අනුව, ඔවුන් එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තබා ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම නඩුව, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව ගොනු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය 05 වැනිදා සැකකරුවන් අත්අඩංගුවට ගෙන වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments