Friday, January 23, 2026
Homeදේශීයජෝන්ස්ටන්ට ඇපත් නෑ

ජෝන්ස්ටන්ට ඇපත් නෑ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැයි 09 වනදා ගාලු මුවදොර සිදුවීමට අදාළව තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඒ එම ඉල්ලීම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුවරුන් හමුවේ අද සලකා බැලුණු අවස්ථාවේදීයි.

පසුගිය මැයි මස 9 වනදා ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇතිවූ කලහකාරී සිද්ධින් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු දැනටමත් සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 10 වනදා වරෙන්තුවක් ද නිකුත් කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments