Tuesday, February 17, 2026
Homeවිදේශීයට්‍රම්ප් නැවතත් රුසියාවට සම්බාධක පනවයි

ට්‍රම්ප් නැවතත් රුසියාවට සම්බාධක පනවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක ඉලක්ක කරගනිමින් නව සම්බාධක ප්‍රකාශයට පත්කර තිබේ.

යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මොස්කව් වෙත බලපෑම් කිරීමේ අරමුණිනේ මෙම සම්බාධක පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ රුසියාවේ විශාලතම තෙල් සමාගම් වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් ඉලක්ක කරගනිමින් අමෙරිකාව විසින් නව සම්බාධක පනවා තිබෙන අතර මෙලෙස සම්බාධක පැනවීම සාම සාකච්ඡා පැවැත්වීම සඳහා උපකාරී වන බවට තමන් විශ්වාස කරන බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සදහන් කර ඇත්තේ නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ සාම සාකච්ඡා සාකච්ඡා කිරීමෙන් පසුවය.

සම්බාධක නිවේදනය පැමිණියේ බුඩාපෙස්ට් හි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සැලසුම් කර තිබූ රැස්වීමක් දින නියමයක් නොමැතිව කල් දමන බව ට්‍රම්ප් පවසා දිනකට පසුවය.

පසුගිය බදාදා රුසියාව යුක්‍රේනයට දැඩි ප්‍රහාරයක් එල්ල කළ අතර එමඟින් ළමුන් ඇතුළු හත් දෙනෙකු මිය ගියේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments