Thursday, November 13, 2025
Homeදේශීයඩ්‍රෝන මෙහෙයුමකින් ගංජා හේන් වටලයි

ඩ්‍රෝන මෙහෙයුමකින් ගංජා හේන් වටලයි

‘රටම එකට’ ජාතික විෂ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමට සමගාමීව තණමල්විල පොලිස් වසමේ ඊයේ (5) ඩ්‍රෝන යානා යොදාගෙන විශේෂ මෙහෙයුමක් සිදු කෙරිණි.

තණමල්විල වැටහිරියා කන්ද රක්ෂිතය සහ හම්බේගමුව දේවගිරි කන්ද රක්ෂිතය අසල භූමි ප්‍රදේශවලින් අක්කර 5ක පමණ ගංජා වගා භූමියක් සහ තවාන් 15ක් සොයා ගැනීමට හැකි විය.

එමඟින් වියළි ගංජා කිලෝග්‍රෑම් 26ක්, සහ ගංජා ගස් හා පැළ 2.5 ලක්ෂකට ආසන්න ප්‍රමාණයක් යළි අත්පත් කරගැනීමටත්, සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් හැකිව තිබේ.

මෙහෙයුම විශේෂ කාර්ය බලකා නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි හම්බන්තොට, උඩවලව, ගාල්ල සහ මොණරාගල පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරිණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments