ඉරානය විසින් ඊශ්‍රායලය හි න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් පිහිටි ඩිමෝනා නගරය ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය සිදුකර ඇත්තේ, සිය න්‍යෂ්ටික ස්ථාන ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස බව සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය විසින් පාර්ශව දෙපාර්ශවයම සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා ඇති පසුබිමක මෙය සිදුවී ඇත.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මිසයිලය න්‍යෂ්ටික මධ්‍යස්ථානයට කිලෝමීටර 13ක් පමණ දුරින් පතිතවී ඇති බව වාර්තා වේ.
මේ අතර, එරාඩ් නගරය වෙතද ඉරානය විසින් වෙනත් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් වාර්තා වෙයි.
ඩිමෝනා ආසන්නයට ඉරානයෙන් ප්‍රහාරයක්

