ඉන්ධන මිල ඉහළ යාම හමුවේ වුවද මේ අවස්ථාවේ බස් ගාස්තු වැඩි කිරීමට තීරණයක් ගෙන නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ බස් ගාස්තු සංශෝධනය සඳහා අදාළ මිල සූත්‍රයට අනුව අවශ්‍ය වන 4%ක සීමාවට ඉන්ධන මිල වෙනස්වීම තවමත් ළඟා වී නොමැති බවයි.ඒ හේතුවෙන් වර්තමාන තත්ත්වය යටතේ බස් ගාස්තු ඉහළ දැමීමේ හැකියාවක් නොමැති බව ද ඔහු සඳහන් කර තිබේ.කෙසේ වෙතත්, ඉන්ධන ඇතුළු මෙහෙයුම් වියදම් ඉහළ යාම හේතුවෙන් බස් රථ ධාවනය පවත්වාගෙන යාම අසීරු වී ඇති බව සංගමය පෙන්වා දෙයි.සංගමයේ සභාපතිවරයාට අනුව කෙටි දුර ධාවන සේවාවලින් දිනකට රුපියල් 1,000ක පමණ පාඩුවක් ද, දුර ගමන් සේවාවලින් රුපියල් 2,000ක පමණ පාඩුවක් ද සිදුවන බව සඳහන් වේ.එබැවින් ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑම බස් කර්මාන්තයට දැඩි ලෙස දැනුණත්, නියමිත මිල සූත්‍රයේ කොන්දේසි සම්පූර්ණ වන තෙක් මගී ප්‍රවාහන ගාස්තු වෙනස් නොකර පවත්වාගෙන යාමට සිදුවන බව සංගමය වැඩිදුරටත් පවසයි.

