වරකාපොල මාහේන ප්රදේශයේදී බලපත්ර නොමැතිව ඩීසල් ලීටර් 1,235ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 46ක් වන තෝලංගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඩීසල් ලීටර් 1,235ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

