බලපත්ර නොමැතිව ඩීසල් ලීටර් 1,820ක් සන්තකයේ තබාගෙන විකිණීමේ චෝදනාව මත සැකකරුවෙකු සේරුනුවර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් වන සේරුනුවර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බව සඳහන් වේ.
ඩීසල් ලීටර් 1,820ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

