අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්රී ලංකා රුපියල් 337 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාතික වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව, අද (03) දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.00ක් ලෙසද, විකුණුම් මිල රුපියල් 337.97ක් ලෙසද සටහන් වී ඇත.
ඊයේ (02) දිනයේදී ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.75ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 336.60ක් ලෙසත් වාර්තා වී තිබූ බවද මහ බැංකු දත්ත අනුව සඳහන් වේ.
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 337 ඉක්මවයි

