Thursday, November 13, 2025
Homeදේශීයතලල්ල මුහුදේ 19 හැවිරිදි තරුණයෙකු අතුරුදන්

තලල්ල මුහුදේ 19 හැවිරිදි තරුණයෙකු අතුරුදන්

ගන්දර පොලිස් වසමේ තලල්ල මුහුදු වෙරළේ දිය නාමින් සිටි තරුණයෙකු දියඹට ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුර සිදුවූයේ ඊයේ (05) දහවල් වේලාවේ වන අතර, අතුරුදන්ව ඇත්තේ රංසෑගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19ක තරුණයෙකි.

තවත් පුද්ගලයින් පස්දෙනෙකු සමඟ දිය නාමින් සිටියදී ඔහු මුහුදට ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

අතුරුදන් වූ තරුණයා සොයා නාවික හමුදාව සහ ජීවිතාරක්ෂක නිලධාරීන් එක්ව සෙබලු මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments