Saturday, December 13, 2025
Homeසියලුම පුවත්ත්‍රිරෝද රථ කුලී සඳහා මීටර් අනිවාර්ය කරයි

ත්‍රිරෝද රථ කුලී සඳහා මීටර් අනිවාර්ය කරයි

හැටන් දික්ඔය නගර සභාවේ මහ සභාවේදී, සෑම ත්‍රිරෝද රථයකටම මීටර් සවිකිරීම අනිවාර්ය කරන යෝජනාව පක්ෂ හා විපක්ෂ එකමතිකව අනුමත කරන ලදි.

සභාපති අශෝක කරුණාරත්න මහතා පැවසුවේ, කොවිඩ් වසංගත සමයේ වැඩිවුණු ත්‍රිරෝද රථ කුලී ගමන් මුදල් මහජනතාවට දැඩි පීඩනයක් ඇති කරන බැවින්, ලබන මස සිට සියලු ත්‍රිරෝද රථවල මීටර් සවිකිරීම ක්‍රියාත්මක වන බවයි.

මහජනතාවගේ අදහස් අනුව, කොවිඩ් කාලයේදී අත්‍යවශ්‍ය ගමන් සඳහා ත්‍රිරෝද රථ සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් නිසා රියදුරන් තමන්ගේ කුලී මුදල් අය කළ බවත්, එම මුදල් අදටත් වෙනස් නොව අයකරන බවත් පැවසේ.

තවද, අධික කඳුබෑවුම් සහ අබලං මාර්ග පවතින බැවින්, සාධාරණ මිලක් තීරණය කර මීටර් සවිකිරීම ක්‍රියාත්මක කිරීම රියදුරන්ට සහ නගර සභාවටම ප්‍රයෝජනවත් වන බවත් රියදුරන් පැවසීය.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් මහජනතාවට සහන සැලසීමත්, වාහන හා මාර්ග ආරක්ෂාවත් සහ තෙල් පරිභෝජනය සාධාරණව කළ හැකි වන බවද අවධාරණය කළා.

– ආර්.එෆ්.එම්. සුහෙල්

RELATED ARTICLES

Most Popular

Recent Comments