එරාවුර් සහ මොරොන්තුඩුව වැනි ප්රදේශ කිහිපයකදී සිදුවූ වාහන අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇත.
එරාවුර්, වත්තර හන්දිය අසලදී කැබ් රථයක් යතුරුපැදියකට ගැටීමෙන් 42 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත. මියගිය ඇය මිරාකේනි ප්රදේශයේ පදිංචිකාරියෙකිය.
මොරොන්තුඩුව, කුරුන්ද ප්රදේශයේදී යතුරුපැදිකරු ගසක ගැටීමෙන් තුවාල ලබා 25 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

