Tuesday, March 24, 2026
Homeසියලුම පුවත්තියුණු ආයුධයකින් පහරදී විදෙස් කාන්තාවක් ඝාතනය

තියුණු ආයුධයකින් පහරදී විදෙස් කාන්තාවක් ඝාතනය

කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ විදෙස් ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 26ක් වූ චීන ජාතික කාන්තාවකි.
ඇය එම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති අතර, ඇයගේ චීන ජාතික පෙර පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments