Thursday, January 15, 2026
Homeවිදේශීයතුර්කි හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි

තුර්කි හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි

තුර්කි C-130 හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ජෝර්ජියාවේදී අනතුරට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවූ අවස්ථාවේදී හමුදා නිලධාරීන් 20 දෙනෙකු, කාර්ය මණ්ඩලය ඇතුළුව, ගුවන් යානය තුළ සිටි බව සඳහන් වේ.

මෙම ගුවන් යානය අසර්බයිජානයෙන් ගුවන් ගත වී තුර්කිය වෙත ආපසු යමින් සිටියදී කඩා වැටුණු බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළාය.

ගුවන් අනතුරෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති අතර, ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments