Thursday, November 13, 2025
Homeදේශීයතුසිත හල්ලොලුවට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු

තුසිත හල්ලොලුවට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (13) වරෙන්තු නිකුත් කර තිබේ.

නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියකට සැකකරුවෙකු ලෙස තුසිත හල්ලොලුව මහතා නම් කර ඇත.

එම නඩුව අද අධිකරණය හමුවට කැඳවූ අවස්ථාවේදී, සැකකාරයා පෙනී නොසිටීම හේතුවෙන් අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කිරීමට නියම කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments