මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලටද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දකුණු පළාතේත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි ලැබිය හැකි බවද අනාවරණය කර ඇත.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

