Monday, December 22, 2025
Homeදේශපාලනදම් රැජින ඇතුළු 25කට රෙදි ගලවා පෙන්වන ලෙස නියෝග

දම් රැජින ඇතුළු 25කට රෙදි ගලවා පෙන්වන ලෙස නියෝග

නීති විරෝධී ලෙස උපාංග සවිකර තිබූ විශේෂ චාරිකා බස් රථ 25ක ධාවන කටයුතු තහනම් කර තිබෙනවා.

ඒ අනුව නියමිත පරිදි බස් රථ සකස් කරන තෙක් ඒවායේ ධාවනය තහනම් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ.

එම බස් රථ ධාවනය කළ රියදුරන්ගේ රියැදුර බලපත්‍ර ද පොලීසිය භාරයට ගෙන තිබෙන බවද ඔහු සඳහන් කළා.

විවිධ ආලෝක ධාරා දල්වමින් අපරික්ෂාකාරී ලෙස ධාවනය වන අයුරු සමාජ මාධ්‍ය ජාලාවල පසුගිය දිනවල සැරිසැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ පොලිස් රථවාහන මූලස්ථානය එම බස් රථ වල හිමිකරුවන් සහ රියදුරන් කොළඹට කැඳවා දැනුම්වත් කිරීමෙන් අනතුරුව මෙම තහනම් නියෝගය නිකුත් කළ බව රථ වාහන මූලස්ථානය පැවසුවා.

ජපන් ලමිස්සි, දුඹුරු ලමිස්සි, රෝස සමනලී, සුරංගනාවි කිඳුරංගනා වී දම් රැජින සහ සොනික් ආදී අන්වර්ථ නම් රැසකින් යුත් බස් රථ ඒ අතර වූ බවයි පොලිසිය පැවසුවේ.

රථවාහන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරුන් සිවුදෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments