Thursday, November 13, 2025
Homeදේශීයදිල්ලියේ පිපිරීම ගැන නව තොරතුරු අනාවරණය වේ

දිල්ලියේ පිපිරීම ගැන නව තොරතුරු අනාවරණය වේ

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදු වූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස සැකකරනු ලබන්නේ වෛද්‍ය උමාර් මොහොමඩ් නම් පුද්ගලයෙකි. ඔහුගේ ඡායාරූපය ද ඉන්දීය ආරක්ෂක අංශ විසින් අනාවරණය කර ඇත. 1989 පෙබරවාරි 24 දින උපත ලැබූ උමාර්, ජම්මු–කාශ්මීරයේ පුල්වාමා හි අල් ෆලා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කර තිබුණා.

පිපිරීමට පෙර, ජම්මු සහ හර්යානා ප්‍රදේශවලින් වෛද්‍ය ආදිල් අහමඩ් රාදර් සහ මුජමිල් ෂකීල් නම් ත්‍රස්ත සගයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව, හර්යානා හි ෆරීදාබාද් නගරයේ නිවසක සිට කිලෝ 2,900ක පමණ පුපුරන ද්‍රව්‍ය හමු වී ඇත.

විමර්ශන අනුව, මෙම සොයාගැනීමෙන් පසුව උමාර් මොහොමඩ් භීතියට පත් වී දිල්ලියේ ප්‍රහාරය සිදු කර ඇති බවට සැක කෙරේ. පසුව හඳුනාගෙන ඇත්තේ, ප්‍රහාරය සඳහා භාවිතා කළ හයිහුන්ඩායි අයි 20 මෝටර් රථය ද ඔහුගේ අභිමානනීය තැනැත්තා වෙතින් ලබාගත් එකක් බවය.

ප්‍රහාරය සිදු කිරීම සඳහා ඇමෝනියම් නයිට්‍රේට් සහ ඉන්ධන තෙල් (ANFO) මිශ්‍රිත ද්‍රව්‍යයක් භාවිතා කර ඇති අතර, රථය තුළ ඩෙටනේටරයක්ද සවි කර තිබුණා.

ඊයේ (10) පස්වරු 6.52ට පමණ රතු බලකොටුව ආසන්නයේ චාන්දනී චෝක් මංසන්ධියකදී මෙම පිපිරීම සිදු විය. එහිදී පුද්ගලයින් නව දෙනෙක් මියගොස් තවත් 20කට අධික පිරිසක් තුවාල ලබා තිබුණි.

පිපිරීමට පැය තුනකට පෙර, සැකකාර රියදුරු රථය රථගාලයකට ගෙන ඒම CCTV කැමරාවල සටහන් වී තිබුණා. පසුව ඔහු රථය ජනාකීර්ණ මාර්ගයකට පදවා ගෙන පැමිණ කෙටි වේලාවකින් එය පුපුරවා තිබුණි.

සිදුවීමෙන් පසු මාර්ගයේ රථවාහන රැසකට හානි වූ අතර විශාල ගින්නක්ද හටගත්තා. ගිනි නිවන රථ විස්සක පමණ සහභාගීත්වයෙන් එය පාලනය කරන ලදී.

විමර්ශන සඳහා ජාතික විමර්ශන ඒජන්සිය (NIA) සහ ජාතික ආරක්ෂක බලකාය (NSG) එක්ව කටයුතු ආරම්භ කර ඇත. දිල්ලි, මුම්බායි, කොල්කටා, බැංගලූරු, හා අනෙකුත් ප්‍රධාන නගරවල ආරක්ෂාවද තර කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ ඥාතීන්ට ශෝක පණිවිඩයක් නිකුත් කළ අතර, ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාහ් ප්‍රකාශ කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් දැනට ක්‍රියාත්මක බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments