Friday, November 14, 2025
Homeදේශීයදිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා හම්බන්තොට වරායට රැගෙන එයි

දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා හම්බන්තොට වරායට රැගෙන එයි

දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්ව දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා දින 13කට පසුව, අද (31) අලුයම 5ට පමණ හම්බන්තොට වරායට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රැගෙන ආ බව වාර්තා වේ.

අදාළ ධීවරයින් අගෝස්තු 31 දින ධීවර කටයුතු සඳහා මුහුදට ගොස් සිටියදී, ඔවුන්ගේ යාත්‍රාව ගිනිකොන දිග මුහුදු සැතපුම් 300ක දුරින් අනතුරකට ලක්ව තිබුණා.

ඉන් ධීවරයින් 6 දෙනාගෙන් එක් අයෙකු අතුරුදන් වී ඇති අතර, තවත් අයෙකු දින 11කට පසුව මියගොස් තිබුණා. ඉතිරි ධීවරයින් සිව්දෙනා ඉන්දුනීසියානු ධීවර බෝට්ටුවක් මඟින් බේරාගෙන තිබුණා.

ඒ අනුව, නාවික හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් ඔවුන් අද උදෑසන හම්බන්තොට වරායට රැගෙන ආ අතර, ධීවරයින් දෙදෙනෙකු දැඩි ලෙස දුර්වල තත්ත්වයේ හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මියගිය ධීවරයින් ලෙස හඳුනාගෙන ඇත්තේ ඊ.ඩී.ආර්. නවෝදන (හම්බන්තොට) සහ එච්.එච්.ඒ.ඩි. සුරංග (දෙවුන්දර) ය.

දිවි බේරාගත් ධීවරයින් වන්නේ —
පෝෂිත නිමන්ත, ශානක අමිල, ඕෂාන් මදුසංක, ධම්මික ලක්මාල් ය.

ඉන්දුනීසියානු යාත්‍රාව මියගිය ධීවරයින්ගේ මෘතශරීර භාරගැනීමට නොකැමති වූ නිසා, එම මළ සිරුරු මුහුදට අතහැර දමා පැමිණ ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments