Saturday, December 13, 2025
Homeweatherweatherදෙසැම්බර් 9, 10 සහ 11 දී වැසි තත්ත්වය වැඩි වෙයි

දෙසැම්බර් 9, 10 සහ 11 දී වැසි තත්ත්වය වැඩි වෙයි

දිවයිනට බලපා ඇති ඊශානදිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් 9, 10 සහ 11 යන දිනවලදී රටපුරා වැසි තත්ත්වය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසූවේ, මෙම දිනයලදී සුළං වේගයද වර්ධනය විය හැකි බවයි. උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙම කාලපරිච්ඡේදයේදී තදවැසි වාර ඇති විය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී මි.මී 75 සිට 100 දක්වා වැසි ලැබිය හැකිය.

සෙසු පළාත්වලටත් වැසි ඇති විය හැකි අතර, නිරිතදිග කොටසට ගිගුරුම් සහිත වැසි අඩු වුවත් සාමාන්‍ය වැසි වාර පවත්නා බවද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

බෙංගාල බොක්ක දක්වා පවතින වායුගෝලීය කැලඹිලි තත්ත්වයත් ඊශානදිග මෝසමේ සක්‍රීයභාවයත් මේ සඳහා බලපා ඇති බවද සඳහන් වේ. මේ හේතුවෙන් දෙසැම්බර් 9 සිට මුහුද රළු විය හැකි බැවින් ධීවරයින් සහ නාවිකයින් නවතම නිවේදනවලට අවධානයෙන් සිටින ලෙසත් නිවේදනය අවවාද කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments