Tuesday, February 17, 2026
Homeදේශීයදෙහිබාලේ මල්ලි සහ කළු මල්ලිට එරෙහිව අධිකරණ නියෝගයක්

දෙහිබාලේ මල්ලි සහ කළු මල්ලිට එරෙහිව අධිකරණ නියෝගයක්

විදේශයන්හි සිටිමින් ශ්‍රී ලංකාවේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන බවට චෝදනා ලැබූ සෙහාන් සත්සර හෙවත් දෙහිබාලේ මල්ලි සහ ඔහුගේ සහෝදර තුෂාන් නෙත්සර හෙවත් කලු මල්ලි වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර ඇත.

එමෙන්ම, සැකකරුවන් දෙදෙනාට විදේශ ගමන් තහනමක් පැනවීමටද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා නියෝග ලබා දුනි.

පසුගිය දා දකුණු මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අයිස්, හෙරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839.254ක් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, එම තොගය මෙරටට රැගෙන ආයේ දෙහිබාලේ මල්ලි සහ කළු මල්ලි යන අය බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දී ඇත.

විමර්ශනවලට අනුව, මෙම අය ඩුබායි හෝ වෙනත් විදේශීය රාජ්‍යයක සිට මෙම ජාවාරම මෙහෙයවමින් සිටින බවත් පවා හෙළිවී ඇත.

එමනිසා සැකකරුවන්ගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට නියෝගයක් ලබාදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් ද කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධීවරයින් පස් දෙනාද අද (20) අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව, සැකකරුවන් නොවැම්බර් 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද උපදෙස් ලබා දුනි.

RELATED ARTICLES

Most Popular

Recent Comments