Saturday, December 20, 2025
Homeදේශීයනඩු තීන්දුවත් එක්ක මුදල් අමාත්‍යංශ ලේකම්-මුද්‍රණාලයාධිපතිනිය එක්ක කතා කරන්න මැතිවරණ කොමිසම තීන්දු...

නඩු තීන්දුවත් එක්ක මුදල් අමාත්‍යංශ ලේකම්-මුද්‍රණාලයාධිපතිනිය එක්ක කතා කරන්න මැතිවරණ කොමිසම තීන්දු කරයි! අලුත් ඡන්ද දිනය ප්‍රකාශ කිරීම ලබන සතියේ!

මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීම ලබන සතියේ මුල් දින කිහිපයට කල්දැමූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් තීරණය කිරීමට අද (03) මැතිවරණ කොමිෂන් සභාව රැස්වී තිබුණි. 

කෙසේවෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යවරයා ඇතුළු එහි ලේකම්වරයාට නිකුත් කළ නියෝගයක් හේතුවෙන් මෙලෙස දිනයක් තීරණය කිරීම කල්දමා තිබේ. 

මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, මුද්‍රණාලයාධිපතිනිය ඇතුළු ඡන්දයක් පැවැත්වීමට අදාළ වන පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවය.

ඒ අනුව ලබන සතියේ මුල් දින කිහිපය තුළ මෙම සාකච්ඡා පැවැත්වෙන බවත් ඉන් අනතුරුව පළාත් පාලන ඡන්දය විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවත් නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments