Tuesday, March 10, 2026
Homeක්‍රීඩානවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි.

නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි.


නවසීලන්ත – ඉන්දියා එක්දින ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් නිකුත් කර තිබේ.

ඒ අනුව ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය තවදුරටත් ඉන්දියාව රඳවාගෙන ඇති අතර, නවසීලන්තය දෙවන ස්ථානයට පත්ව තිබේ. තෙවන ස්ථානය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ශ්‍රේණිගත කිරීම්හි පස්වන ස්ථානය හිමිකරගෙන ඇති අතර, ඇෆ්ගනිස්ථානය හත්වන ස්ථානයට පත්වීම විශේෂත්වයකි.

එංගලන්තය, බටහිර ඉන්දිය කොදෙව් සහ බංග්ලාදේශ කණ්ඩායම් පිළිවෙලින් 08, 09 සහ 10 යන ස්ථානවල පසුවෙති.


RELATED ARTICLES

Most Popular

Recent Comments