හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ජීවිතයට අනතුරක් කිරීමේ සැලසුමක් රජය තුළ තිබිය හැකි බවට බරපතල සැකයක් තමාට ඇති බව නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කළා.
ඔහු කියා සිටියේ, දැනට අත්අඩංගුවේ සිටින පුද්ගලයෙකුගේ දුරකථනයේ “නාමල්” යන නම තිබීමත්, නාමල් රාජපක්ෂ අනාගතයේදී බලවත් අභියෝගයක් වන බවත් නිසා මෙවැනි තර්ජන මතුව ඇති හැකියාවක් තිබෙන බවයි.
මෙය නාමල් රාජපක්ෂට පාතාල සම්බන්ධතාවයක් ඇති බව පෙන්වීමට උත්සාහයක් ලෙස පෙනෙන බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළා.
ඒ අයකුට එක දිනක වෙඩි වෙලා මරලා “පාතාල ප්‍රශ්නයක්” කියමින් හෙලා දමන තත්වයක් රටේ ඇති බව තවදුරටත් ඔහු අවධාරණය කරයි.
මාධ්‍ය වාර්තා සදහා අදහස් දැක්වූ නීතිඥවරයා කියා සිටියේ, රජයට අභියෝග කරන පුද්ගලයන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් පවතින අවදානම් තත්ත්වයක් මේ බවයි.
