Monday, December 22, 2025
Homeweatherweatherනායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි. පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීම්...

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි. පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (27) පස්වරු 4.00ට පසු පියවර ගෙන ඇත.

මෙම අනතුරු ඇඟවීම හෙට (28) පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක වන අතර, අනතුරු මට්ටම් දෙකක් යටතේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙයට ඇතුළත් වේ.

🔴 අනතුරු ඇඟවීමේ දෙවන මට්ටම (අවධානයෙන් සිටිය යුතු ප්‍රදේශ):
ගාල්ල: නාගොඩ, ඇල්පිටිය, බද්දේගම
මහනුවර: යටිනුවර
කෑගල්ල: කෑගල්ල, මාවනැල්ල, යටියන්තොට, අරණායක, දෙහිඹ්විට, රඹුක්කන
රත්නපුර: කලවාන, ඇහැළියගොඩ, රත්නපුර

🟡 අනතුරු ඇඟවීමේ පළමු මට්ටම (විමසිලිමත් විය යුතු ප්‍රදේශ):

කොළඹ: සීතාවක, පාදුක්ක
ගාල්ල: නෙළුව, යක්කලමුල්ල
කළුතර: ඉංගිරිය, වලල්ලාවිට, හොරණ
මහනුවර: දෙල්තොට, දොළුව, උඩුනුවර, උඩපලාත, පාතදුම්බර, පාතහේවාහැට, ගග ඉහල කෝරළය, පස්බාගෙ කෝරළය, උඩුදුම්බර
කෑගල්ල: රුවන්වැල්ල, වරකාපොල, බුලත්කොහුපිටිය, ගලිගමුව
කුරුණෑගල: රිදීගම, අලව්ව, නාරම්මල, මල්ලවපිටිය
මාතලේ: රත්තොට, යටවත්ත, උකුවෙල, පල්ලෙපොල, ලග්ගල, නාඋල, අඹන්ගඟ කෝරළය
මාතර: වැලිපිටිය
නුවරඑළිය: අඹගමුව, හගුරන්කෙත, වලපනේ
රත්නපුර: ඉඹුල්පෙ, කිරිඇල්ල, කුරුවිට, අයගම, පැල්මඩුල්ල

RELATED ARTICLES

Most Popular

Recent Comments