Tuesday, February 17, 2026
Homeදේශීයනාරහේන්පිට ගින්නෙන් මහල් නිවාස සංකීර්ණයක දරුණු තත්ත්වයක්

නාරහේන්පිට ගින්නෙන් මහල් නිවාස සංකීර්ණයක දරුණු තත්ත්වයක්

නාරහේන්පිට දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සිව්වන මහලේ හටගත් ගින්නක් හේතුවෙන් ඉහළ මහල්වල සිරවී සිටින පිරිස මුදා ගැනීම සඳහා දැඩි කටයුතු සිදුවෙමින් පවතී.

ගිනිනිවන රථ 13ක් සහ skylift වාහන 2ක් ගින්න පාලනය සහ සිරවී සිටින ජනතාව මුදා ගැනීම සඳහා යොදවා තිබේ.

ගින්න හේතුවෙන් පිටවීමේ දොරටු සිරවී ඇති නිසා skylift මගින් මූලික බේරාගැනීමේ මෙහෙයුම් සිදුවෙමින් පවතී.

මෙතෙක් ගින්නට හේතුව අනාවරණය වී නොමැති අතර, එක් නිවසක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත් එහි සිටි දරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් සම්බන්ධයෙන් තොරතුරු තවමත් පරීක්ෂා කරමින් පවතින බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments