නාවලපිටිය පැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මත අද (28) පස් කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ බිරිඳ, නැන්දම්මා සහ මාස 3ක බිලිඳෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අධික වර්ෂාව හේතුවෙන් පස් කන්ද කඩා වැටුණු අතර, ප්‍රදේශවාසීන් සහ පොලිසිය බේරාගැනීමේ උත්සහයන් කළත් ජීවිත රැකගැනීමට නොහැකි වූ බව ප්රකාශවේ.
මියගිය අයගේ මළ සිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ තැම්පත් කර ඇත.
මේ අතර, අයහපත් කාලගුණයෙන් නාවලපිටිය ප්‍රදේශයේ ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් ඇත , පවුල් 50කට ආසන්න පුද්ගලයින් ආරක්ෂිත කඳවුරු කරා යොමු කර ඇති බව ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය පවසා තිබේ.
නාවලපිටියදී පස් කන්දක් කඩා වැටී එකම පවුලේ තිදෙනෙකු මරුට

