Homeසියලුම පුවත්නිදහස් කළ ඉන්දීය ධීවරයින් 30 දෙනෙක් චෙන්නායි වෙත ළඟාවේ

නිදහස් කළ ඉන්දීය ධීවරයින් 30 දෙනෙක් චෙන්නායි වෙත ළඟාවේ

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල රඳවා සිට නිදහස් කළ ඉන්දීය ධීවරයින් 30 දෙනෙකු චෙන්නායි නගරය වෙත ළඟා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (02) දිනයේ ඔවුන් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති අතර, ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ බවට චෝදනා මත මීට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් ධීවරයින් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාරගත කර තිබූ අතර, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් හේතුවෙන් ඔවුන් නිදහස් කර සිය රට වෙත යැවීමට කටයුතු කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments