Thursday, October 24, 2024
Homeදේශීයනිපා වෛරසය ගුවනින් මෙරටට පැමිණීමේ අවදානමක්

නිපා වෛරසය ගුවනින් මෙරටට පැමිණීමේ අවදානමක්

නිපා වෛරසයෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් තර්ජනයක් නොමැති වුවත් ඉන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය හා නිරන්තරව සාකච්ඡා පවත්වමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මෙයට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් හා වෛරසවේදය සම්බන්ධ විශේෂඥයින් නීපා වෛරසය රටට ඇතුළු වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා පවත්වන බව සඳහන්.සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසූවේ, කුමන හෝ හේතුවකින් වෛරස් රෝගීන් රට තුළින් වාර්තා වුවහොත් ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධවත් සාකච්ඡා කරමින් සිටින බවයි.

ගුවන් මගින් වෛරස් අසාධිත පුද්ගලයින් රටට ඇතුළු වීමේ අවධානමක් තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව සඳහන්.මෙයට අමතරව වන්දනා ගමන් සඳහා විදේශ ගතවන පුද්ගලයින් මගින් රෝගය රටට ඇතුළු වීම වලක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර තිබෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments