Saturday, December 20, 2025
Homeදේශීයනියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට උසස් වීම්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට උසස් වීම්

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇති බවයි.

එමෙන්ම අපරාධ දිසාව භාර ව සිටි නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතා ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇති බව සඳහන්ය.

මාතර හා හම්බන්තොට දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්ලිව්.එම්. සේනාරත්න මහතා ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments