Thursday, November 13, 2025
Homeසියලුම පුවත්නිව්යෝර්ක් නග­රා­ධි­පති ධුර­යටප්‍රථම වරට මුස්ලිම් ජාතිකයකු පත්වේ

නිව්යෝර්ක් නග­රා­ධි­පති ධුර­යටප්‍රථම වරට මුස්ලිම් ජාතිකයකු පත්වේ

නිව්යෝර්ක් නග­රා­ධි­පති ධුර­යට
ප්‍රථම වරට මුස්ලිම් ජාතිකයකු පත්වේ

නිව්යෝර්ක් නග­රා­ධි­පති මැති­ව­ර­ණ­යෙන් ඩිමො­ක්‍ර­ටික් අපේ­ක්ෂක සොහ්රාන් මම්ඩානි විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් අත්ක­ර­ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොමි­යු­නිස්ට් හිත­වාදී 34 හැවි­රිදි මේ ඩිමො­ක්‍ර­ටික් අපේ­ක්ෂ­කයා ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහාය ලැබූ සිය ප්‍රති­වාදී අපේ­ක්ෂක ඇන්ඩෘ කියෝමෝ අබි­බවා මැති­ව­ර­ණය ජය­ගනු ඇතැයි මීට පෙර අනා­වැකි පළ වූ අතර, පෙරේදා මැති­ව­ර­ණ­යේදී 91%ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ප්‍රකා­ශ­යට පත් කිරී­මෙන් පසු 50%ක ඡන්ද ප්‍රති­ශ­ත­ය­කට හිම්කම් කී බවත්, ඇන්ඩෘ කියෝමෝ 42%ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා සිටි බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. නිව්යෝර්ක් නග­රා­ධි­පති ධුර­යට පත් වූ පළමු මුස්ලිම් ජාති­කයා ලෙසත් වාර්තා පොතට එක් වු මම්ඩානි 1892 වස­රින් පසු නිව්යෝර්ක් නුවර නග­රා­ධි­පති ධුර­යට පත් වූ ළාබා­ල­තම පුද්ග­ලයා ද වන බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

උගන්ඩා සම්භ­ව­යක් සහිත තරුණ දේශ­පා­ල­න­ඥ­යකු වන මම්ඩානි නිව්යෝර්ක් නුවර නව නග­රා­ධි­පති ලෙස පත්වීම ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරි­පා­ල­න­යට දැඩි අභි­යෝ­ග­යක් වනු ඇතැයි දේශ­පා­ලන විශ්ලේ­ෂ­ක­යන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. නග­රා­ධි­ප­ති­ව­ර­ණ­යට දින දෙක­කට පෙර ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබ­මින් අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා ඇන්ඩෘ කියෝ­මෝට ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලී­මක් කළ බවත්, මම්ඩානි තේරී පත්වු­ව­හොත් නිව්යෝර්ක් පරි­පා­ල­න­යට මධ්‍යම රජ­යෙන් සප­යනු ලබන අර­මු­දල් සීමා කිරී­මට පිය­වර ගන්නා බවත් ප්‍රකාශ කර තිබිණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments