නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් දේපොළක් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියා විරහිත කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් හා මංකොල්ලකෑම් මඟින් වත්කම් උපයාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් පසු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ දේපොළ මෙලෙස අත්හිටුවා ඇත.
එම පුද්ගලයා නීති විරෝධීව උපයාගත් මුදලින් කාන්තාවකගේ නමින් මිලදී ගෙන ඇති කඩිගමුව ප්‍රදේශයේ පිහිටි පර්චස් 14.1ක ඉඩමක තෙමහල් නිවසක් ඇතුළු රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් දේපොළ ඊයේ (19) සිට දින 7ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමට, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නියෝග නිකුත් කර ඇත.
මේ සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

