Monday, December 22, 2025
Homeදේශීයනීතිඥවරියක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුට ඇප

නීතිඥවරියක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුට ඇප

මිරිහාන ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියක කපා කොටා මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඇයගේ රියදුරු, කොළඹ මහාධිකරණය විසින් අද (27) ඇප මත මුදාහරින ලෙස නියෝග කර ඇත.

අදාළ සැකකරු වෙනුවෙන් නීතිඥ ජයබා කළුපහන මහතා විසින් ගොනු කළ ඇප අයදුම්පත විභාග කිරීමෙන් අනතුරුව, මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියෝග කර ඇති අතර, අධිකරණ අවසරයකින් තොරව විදේශ ගමන් තහනම් කර තිබේ.

සෑම මසක අවසන් ඉරුදිනම මිරිහාන පොලිසියට වාර්තා කිරීමටත්, කොන්දේසි කඩන හොත් ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් විනිසුරුවරයා නියෝග කර ඇත.

සැකකරු වන ජයනාත් ධීරසිංහ මහතා, මියගිය නීතිඥවරියගේ රියදුරු ලෙස සේවය කළ අතර, පසුව එම නීතිඥවරිය හා ඔහු අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවී තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

2024 සැප්තැම්බර් 21 වනදා, විවාහයෙන් වෙන්ව සිටි 36 හැවිරිදි එම නීතිඥවරිය ඇයගේ නිවසේදී මරා දැමීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

නීතිඥවරයා පැවසුවේ, මෙම වරද සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ හැකි උපරිම කාලය මාස 12ක් බවත්, සැකකරු දැනට මාස 12ක් සහ දින 2ක් රිමාන්ඩ්ව සිටින බවත්, එබැවින් ඇප ලබාදිය හැකි බවත්ය.

රජයේ නීතිඥවරිය විසින් එම ඉල්ලීමට විරෝධය පල කරමින්, නඩුවට බලපෑමක් ඇතිවිය හැකි බව කියා සිටියේද, නමුත් විනිසුරුවරයා ඉදිරිපත් කර ඇති කරුණු සලකා බලමින් ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments