Saturday, January 17, 2026
Homeදේශීයනීතිවිරෝධීව ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ තමිල්නාඩු රාමේෂ්වරම් පොලීසිය විසින් නීතිවිරෝධී ලෙස එරටට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මෙම පුද්ගලයා, තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික සරණාගත කඳවුරක රැඳී සිටින තම බිරිඳ සහ ඥාතීන් හමුවීමට ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මණ්ඩපම් සරණාගත කඳවුර අසල උද්‍යානයක රැඳී සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන්දීය ආරක්ෂක අංශ පවසන්නේ ඔහු මීට වසර දෙකකට පෙර නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවය.

අදාළ ශ්‍රී ලාංකිකයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments