ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (21) නිකුත් කළ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව, නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ උද්ධමනයේ වැඩිවීමක් වාර්තා වී තිබේ.
ඒ අනුව, නොවැම්බර් මාසයේ 2.4%ක් ලෙස පැවති සමස්ත උද්ධමනය දෙසැම්බර් මාසයේදී 2.9%ක් දක්වා ඉහළ ගොස් ඇත.
ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය නොවැම්බර් මාසයේ 3.6% සිට දෙසැම්බර් මාසයේදී 4.4% දක්වා වැඩි වී ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද 1.5% සිට 1.6% දක්වා සුළු ඉහළ යාමක් පෙන්නුම් කරයි.

