Friday, December 12, 2025
Homeදේශපාලනනොවැම්බර් සිට විදුහල්පති පත්වීම් 4718ක්- අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

නොවැම්බර් සිට විදුහල්පති පත්වීම් 4718ක්- අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

පාසල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය මානව හා භෞතික සම්පත් ඉදිරි අයවැය මගින් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව විදුහල්පති හිඟය මගහැරවීම උදෙසා නොවැම්බර් මස මුල දී විදුහල්පති පත්වීම් 4718ක් ලබා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
එම අවස්ථාවේ දී ම ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු 705ක් හා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 405ක් පුරවමින් ගුරු උපදේශක සේවා විෂමතා ඉවත් කර එම සේවාවට අදාළ පුරප්පාඩු පිරවීමටත් ක්‍රියා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සමස්ත අධ්‍යාපන පද්ධතියේ ම මානව සම්පත් ඌනතා ලබන ජනවාරි වන විට අදියරෙන් අදියර සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බව ද පැවසූ අමාත්‍යවරයා අධ්‍යාපන පරිවර්තනීය වෙනස තුළ සිදු කරනු ලබන ව්‍යුහාත්මක වෙනස්කම්වල දී සියලු දෙනාට ම ඊට අනුගත වීමට සිදු වන බවත් කියා සිටියේ ය.
මුලතිව් මල්ලාවි මධ්‍ය විද්‍යාලයේ පැවති කෘෂිකාර්මික ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක් වෙමින් මේ අදහස් පළ කළ අමාත්‍යවරයා 70-77 යුගයේ දිවයිනේ අන් ප්‍රදේශවලට සාපේක්ෂ ව උතුරු පළාත ලබා තිබූ කෘෂිකාර්මික දියුණුව පිළිබඳ ව ද සිහිපත් කරමින් වැඩිදුරටත් කියා සිටියේ එම පළාතටත් මෙම මානව හා භෞතික සම්පත්වල ප්‍රතිලාභ නොමඳ ව සලසන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments