Saturday, October 25, 2025
Homeදේශීයපන්නන්න තරම් අවුලක් මේ ආණ්ඩුවේ නෑ... - රන්ජන්

පන්නන්න තරම් අවුලක් මේ ආණ්ඩුවේ නෑ… – රන්ජන්

වත්මන් පාලනය කෙරෙහි තම විශ්වාසය සියයට සියයක්ම පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, රංගන ශිල්පිය හා දේශපාලනඥ රන්ජන් රාමනායක මහතා පවසන්නේය.

මාධ්‍යවේදීන් සමඟ අදහස් පළ කරමින් ඔහු පෙන්වා දුන්නේ, රට ගොඩනගන්න උත්සාහ කරන පාලකයෙකු සිටින තුරු තම සහයෝගය ලබාදෙන බවයි.

අනෙකුත් ආණ්ඩු සමඟ සැසඳීමේදී වත්මන් පාලනය පන්නන්න තරම් වැරදි සිදු කර නොමැති බවත්, මේ වන විට දූෂණය අවම මට්ටමක පවතින බවත් ඔහු පැවසීය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, සොරකම් සහ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට ගෙන එමින් සිටින බවත්, අපරාධවලට සම්බන්ධ වත්කම් රාජ්‍ය සන්තක කිරීමේ පනත ක්‍රියාත්මක වීම හේතුවෙන් භාණ්ඩාගාරයට විශාල මුදල් ලැබී ඇති බවත්ය.

“යහපාලන සමයේදී පවා මහ බැංකු සිද්ධියක් වුණා. මේ ආණ්ඩුවේ සුළු වැරදි තිබුණත් ඒව සාපරාධී මට්ටමේ දේවල් නෙවෙයි,” යැයි රාමනායක මහතා අවධාරණය කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments