පයාගල හා ප්‍රදේශ රැසකටම හෙරොයින් ජාවාරමේ නිරත වූ කොස්හේන ප්‍රදේශයේ පදිංචි දිසානායකගේ චමින්ද නොහොත් ‘පෙට්ටි මල්ලි’ පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පයාගල පොලීසියට ලද තොරතුරක් මත පයාගල කොස්හේන ප්‍රදේශයේ ඊයේ (28) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩගුවට ගෙන ඇත.
පයාගල කොස්හේන ප්‍රදේශයේ සැකකරුගේ නිවස පිටුපස ලදු කැලෑවක හෙරොයින් ජාවාරමේ නිරතව සිටියදී ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
එහිදී සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනාකමකින් යුත් හෙරෝයින් ග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සැකකරු මීට සති 2කට පමණ පෙර හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව පැමිණි පුද්ගලයෙකි.
ඔහුගෙන් සිදුකළ විමසීම්වලදී අනාවරණය වී ඇත්තේ බන්ධනාගාර ගතව සිටින කාලය තුළ හඳුනාගත් විදේශ රටක සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මාර්ගයෙන් මෙම හෙරොයින් ජාවාරම සිදුකර ඇති බවය.
පොලීසිය පැවසුවේ මෙම සැකකරුට මත්ද්‍ර ජාවාරම කරගෙන යාම සඳහා සහාය දුන් ඔහුගේ පවුලේ කිහිපදෙනෙකු ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති බවය.
සැකකරු විසින් ඉතා සූක්ෂම ලෙස පයාගල, නාගහදූව, මග්ගොන, කටුකුරුන්ද ,ඈතගම යන ප්‍රදේශවලට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන ඇති අතර එහි දත්ත විශ්ලේෂණ වාර්තා ඉදිරියේ දී විමර්ශනය කිරීමට නියමිත බව සඳහන් වේ.
සැකකරු අද (28) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.